වේලාව

Sunday, June 23, 2013

සිංහල දාගන්න තවත් ක්‍රමයක්



මුලින් දුන්න ක්‍රමයට කරගන්න බැරි උන අයට තමයි මේක ගෙනාවේ මේක කරලත් බලන්නකෝ මේකටත්  root  කරලා තියෙන්න ඕනේ එහෙනං ඒ වැඩේටත් බහිමුකො 

 01:- මුලින්ම පහල තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්නකො

02:- ඊට පස්සේ font installer app එක Open කරගන්න..


03:- Open කරගත් පසු local කියන එකට යන්න


04:- දැන් කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත font තියන තැනට යන්න


05:- ඊට පසුව font එක click කරලා install කර ගන්න


06:- ඔන්න වැඩේ හරි අන්තිමට එනවා restart කරන්නද කියන massage එක ඒක yes කරන්න

restart උනාට පස්සේ බලන්නකෝ වැඩේ කෝමද කියල  එහෙනං මේකත් ටෙස්ට් කරලා බලන්නකෝ

සැලකිය යුතුයි :- අත්හදා බැලීම ඔබ සතුයි




රූට් කරපු Android එකට සිංහල



ඔන්න යාලුවනේ මම කලින් ගෙනාවනේ ගැලැක්සි Y එක රූට් කරන විදිය දැන් දෙන්න යන්නේ හැමෝටම වගේ ප්‍රශ්ණයක් වෙච්ච සිංහල දැමීම ගැන මේ ක්‍රමය ගැලපෙන්නේ මොන මොන model වලටනම් දන්නෑ හැබැයි ගැලැක්සි Y එකටනම් ලෙසටම වැඩලු මේක බලන්නනම් මට android එකක් නෑ හරි කතාව පැත්තකින් තියලා බහිමුකො වැඩේට

මේක කරන්න ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනේ



01:- හරි එහෙනම් ඒක download කරලා SD Card එකට දාන්න 

02:- ඊට පස්සේ root explorer  එක ඕපන් කරගන්න.

  •  දැන් ඒකෙන් font එක තියෙන තැනට යන්න,

  • ඒක EXTRACT කරගන්න.


03:- ඒක කරාම ඔයාලගේ 4න් එකේ SD card එකේ extract කියල ෆෝල්ඩරයක් හැදිලා ඇති.ඒකෙන් දෙවෙනි එක copy කරන්න

  • ඒකෙන් font එක කොපි කරගෙන රූට් explorer එකෙන් system/font කියන path එකට යන්න copy කරගෙන ආපු font එක එතනට paste කරන්න


04:-ඔන්න දැන් බය නැතුව බය yes කරන්න.

එහෙනං ඔන්න අපේ වැඩ හරි ටෙස්ට් කරලා බලන්නකෝ

සැලකිය යුතුයි:- දැනුම බෙදා හදා ගැනීම මා සතුයි අත්හදා බැලීම ඔයාලා සතුයි
                      




Wednesday, June 19, 2013

Fake අයිෆෝන් සොයාගනිමු





ආ යාලුවනේ අදත් ආව වැදගත් දෙයක් අරගෙන දැන් හැමතැනම චයිනා ෆෝන් ගොඩ ගැහිලා මොකද ලාබයිනේ ඒත් ඒ අතර තියෙනවා හොද Brandname භාවිතා කරලා හදන හොර කොපි මම කලින් post එකෙන් අරන් ආව එහෙම හදන ගැලැක්සි SIII එක ගැන අද මම කියන්න යන්නේ Apple නම භාවිතා කරලා හදන Fake අයිෆෝන් ගැන




මේවා කිසිමවිටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විතරයි...
 මේවා හොයාගන්න එක බොහොම ලේසියි අපි එකින් එක ඒවා හොයාගනිමු


01:- අයිෆෝන් ගැන හොදින් දන්නා කෙනෙක්ට අතට ගත්ත ගමන් මේවා හොයාගන්න පුළුවන් Original එකේ තියෙන smooth ගතිය මේවට ගන්න කවදාවත් බෑ..(LockScreen එකේ Slide To Unlock එකෙන්ම හොයාගන්න පුළුවන්)

02:- ඊලග එක තමයි Original අයිෆෝන් එකක IMEI අංකය පටන් ගන්නේ 01න් නමුත් කොපියේ එහෙම නෑ(for Imei dial *#06#)

03:- තවත් වැදගත්ම එකක් තමා අයිෆෝන් එකක IMEI අංකය Apple Server එක හා සම්බන්ද වෙබ්අඩවියක යොදා එය Original එකක්මදැයි සොයා ගැනීමට ඇති හැකියාව (එවැනි වෙබ්අඩවි කීපයක් පහත දක්වා ඇත)
  *http://iphoneimei.info/
  *iphoneox.com/‎
  *http://iunlocker.net/check_imei.php

04:-තවත් එකක් තමයි Original  අයිෆෝන් එකක සදහන් වෙන්නේ Design by Apple in California Assembled in China යනුවෙන් වෙනත් කිසිදු යමක් සදහන් අයිෆෝන් original ඒවා නොවේ(මෙසේ සදහන් වූ හොර කෝපිත් තියෙනවා)


05:- ගන්න පිහියක් වගේ යමක් අරන් සූරන්න ඉදිරි වීදුරුව Original එකක්නම් පිහපුවාම පාරක්වත් හිටින් නෑ හොර කොපියක්නම් ඉවරෙටම ඉවරයි (මේකනම් ටෙස්ට් කරන්න වැඩියෙම ඕනේ නෑ අනිත් ඒවගෙන් ටෙස්ට් කරන්න මේක කරන්න ගිහින් ගුටි කන්නනම් එපා)

06:- original අයිෆෝන් ෆුල්සීල් (පියන් එහෙම නෑ බැටරිය එහෙම බලන්න)

07:- තවත් එකක් තමයි original අයිෆෝන් ON වෙන්න ටිකක් වෙලා යනවා

ඔන්න ඕවගේ දේවල් වලින් මේවා හොයාගන්න පුළුවන්







Tuesday, June 18, 2013

ඔබත් අසු උනාද Replica Galaxy SIII කියන හොර කොපියට?




 
දැන් හැමතැනම කොරියා ගැලැක්සි SIII කියල විකුණන හොර කොපියක් තියෙනවා ඒවාට අහු වෙන්නනම් එපා   


01:- කොරියා Anycall එකක් නම් model එක SHV - වලින් පටන් ගන්න එකක් වෙන්න ඕනේ ඒත් මේවාගේ මොඩෙල් එක i9300 කියල තියෙන්නේ
02:- ෆුල් සෙට් කියල විකුනන්නෙ චයිනා කෑලි වලින් Fullset තමා :D
03:- ටච් එකක් ඒ වෙලාවට සුපිරියට වැඩ පහුවෙනකොට තමා දුක හිතෙන්නේ
04:- කැමරාවත් ඒ වෙලාවට හොදයි
 
මේවට අහු වෙන්න එපා මෙච්චර හොද Performance තියෙන එකක් කවදාවත් මෙච්චර අඩුවට දෙන්නේ නැනේ කොරියන් එකත් එහෙමයි නියම කොරියන් ගැලැක්සිත් සුපිරි Performance තියෙන device වෙනස ඒක කොරියාවට ගැලපෙන විදියට නිර්මාණය කරන එක

ඒත් කොහොමද මේවා හොයාගන්නේ කියන ප්‍රශ්නේ ඔයාලට එයි ඒක ගොඩක් ලේසි

01:-දන්නා කෙනෙක්නම් අතට ගත්ත ගමන් දැනගන්නවා එක කොපියක් කියල මොකද ඒවගේ කවදාවත් ඔරිජිනල් වල තියෙන smooth ගතිය නෑ
 
02:-මේවගේ Android Version එක විදියට සදහන් වෙන්නේ  4.1.9 මෙහෙම එකක් හොයාගන්නවත් නෑ 
 
03:- සිම් එකයි චිප් එකයි දාන්න තියෙන තැනෙනුත් මේ දෙක අදුනගන්න පුළුවන් 

  * ORIGINAL(මේකේ මේ දෙක දාන්න තියෙන්නේ battery එකට පහතින්)


  * CLONE (මේකේ මේ දෙක දාන්න එන්නේ battery එකට උඩින්)

 
04:- තවද මේවගේ විඩියො කිරන අතරතුර ෆොටො ගැනිමේ පහසු කම නැත 

05:-මේවගේ Samsung logo එකෙන්ද මේවා හොයාගන්න පුළුවන් 

  * Clone වල මෙන්න මේ වගේ sticker එකක් එන්නේ


 
  * Original  එකේ අකුරු ටික විතරයි සදහන් වෙන්නේ 


ඔන්න රට වටේම යන මේ හොරේට අහු වෙන්නනම් එපා අහු වෙලා Android වලට සහ Samsung කොම්පැනි එකට බනින්නත් එපා නොදන්නා අයටත් කියල දෙන්න  මේ වගේ එකක් ගත්තොත් ආයේ Samsung device දිහා බලන්නවත් හිතෙන්නේ නැති වෙයි

 

Wednesday, June 12, 2013

හැමෝටම ප්‍රශ්නයක් උනානේ මොකක්ද මේ AnyCall කියන එක





කාලෙකින් ආවා හැමෝටම වගේ වැදගත් වන දෙයක් අරගෙන මේක facebook එකේ Shown Veesly අයියා  තමා හොයාගෙන අපිට ලබාදුන්නේ එයත් මේක හොයාගෙන තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් මෙහි මුල් කතෘට අපගේ ප්‍රණාමය 

මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතන සිග්නල් බෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.


Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall
 මෙය උපුටාගැනීමක් වන අතර අපට මෙය ලබා දුන් Shown Veesly අයියාට ගොඩාක් ස්තුති