වේලාව

Wednesday, September 18, 2013

Fake Samsung Galaxy SIV හදුනාගනිමු


කාලෙකට පස්සේ අලුත් post එකක් ලියන්න වෙලාවක් හම්බවුනා මේ ලගකදී අපේ group එකේ සහෝදරයෙක් අහපු ප්‍රශ්නයක් නිසා තමයි මේක ගැන ඉක්මනින් ලියන්න හිතුනේ හැබැයි මේක එයාට විතරක් නෙමේ මුළු ලංකාවේම ෆෝන් වලට ආස කරන අයට වැදගත් වෙයි මේක අලුතෙන්ම නිකුත් කරන ලද Samsung Galaxy S4 ගැන






  ඒක ගැන ලියන්න හිතුනේ දැන් හැමතැනම අඩුවට කොරියන්,වියෙට්නාම් කියල  Samsung Galaxy S4 තියෙන හින්දා ඒවා ගැනයි මේ

කඩවල් වල අය කොරියන් වර්ෂන් එක කියල තමයි මේවා විකුනන්නේ රු 25000-30000 අතර මිලකට මේවා බැලූ බැල්මටම ඔරිජිනල් එකට සමානයි.ඒත් මෙන්න මේකයි ඇත්ත කතාව ඔරිජිනල් කොරියන් වර්ෂන් එකේ මොඩල් නම්බර් එන්නේ SHV-E300 K/S/L කියලා.මේ මොඩල් කොරියාවේ පාවිච්චියට හදපුවා. SIV එකේ Anycall Version එකක්නම් තාම දකින්න ලැබුනේ නෑ ඒත් ලංකාවෙ තියෙන්නේ මේ කොරියන් phones නෙමෙයි.ලංකාවේ තියෙන කලින් සදහන් කරපු ඒවාගේ මොඩල් නම්බර් එක එන්නේ GT I9500 ඒ කියන්නේ ඒවා original කොරියන් ඒවා නෙමෙයි  එහෙනම් මේවා මොනවද?? කියන ප්‍රශ්නය ඔයාලට දැන් එයි හරි එහෙනම් ඒවා ගැන දැනගමු

මේවා නිෂ්පාදනය කරන්නේ HDC කියන Chinese Company එකෙන් නිෂ්පාදනය කරන දුරකථන . ඔයගොල්ලෝ එකේ නිල වෙබ් අඩවියට මෙන්න මෙතනින් ගියොත් බලාගන්ඩ පුලුවන් මේවා ගැන. මේවා අඩු පිරිවැයකින් හා තත්වයෙන් උසස් නැති Hardware දාල හදන ජංගම දුරකථන නිසා තමයි මෙච්චර ගණන් අඩු.

අපි එහෙනං වැදගත්ම දේවල් ටික එකින් එක සාකච්චා කරමු

තිරය (Display)



-Original-

 ඔරිජිනල් එකේ තියෙන්නේ Samsungලා විසින්ම නිර්මාණය කරන ලද super AMOLED වර්ගයේ තිරයක්. මේවට අඩු විදුලියකින් වැඩි වර්ණාවලියක් පෙන්නන්න පුළුවන්.Resolution එක 1920x1080 ක අගයක් තියෙන්නේ ඒ කියන්නේ Full HD තිරයක්.මේවායේ අගලකට ඇති පික්සල් අගය ඉතා වැඩි.තිරයේ ආරක්ෂාවට Corning සමාගමේ අලුත්ම Gorilla Glass 3 කියන ශක්තිමත් බවින් වැඩි වගේම සීරීම් වලට ඔරොත්තු දෙන ග්ලාස් එකකින් ආවරණය කරලයි තියෙන්නේ මේවා වෙළඳ පොලට නිකුත් කරන්නේ.


-Clone-

මේවා බොහෝ දුරට ස්වභාවික වර්ණ පෙන්නන්ඩ හැකියාව තියෙන තිර ජාතියක්. ඒත් තිරයේ විභේදනය ගොඩක් වෙලාවට 720x 1280ක වගේ HD අගයක් හරි ඊට වඩා අඩු අගයක් තමයි තියෙන්නේ. දැනට තියෙන පට්ටම copy එක තමයි HDC Galaxy S4 Legend කියන phone එක.මේකෙ තියෙන්නේ HD විභේදනයක් සහ  298ක  ppi  අගයක්. එකත් නරකම නෑ. හැබැයි තිරේ ආරක්ෂාවට නම් කිසිම දෙයක් නෑ. හූරගත්තොත් ඉතින් ඉවරයි. panel එක IPS උනාට Chinese කාරයෝ දාන touch sensor එක නම් quality නෑ. එකයි ටික කාලෙකින් display එක සංවේදී නැති වෙන්නේ. උඩ තියෙන පින්තූරෙ දැක්කම පේනවනේ තිර දෙකේ වෙනස. ඔරිජිනල් S4 එකේ Color Depth එක වැඩී Clone එකට වඩා.


ප්‍රොසෙසරය (Processor)


-Original-



ඔරිජිනල් S4 කීපයක්ම තියෙනවා මේවගෙන් ලංකාවේ ගොඩක් තියෙන්නේ GT-i9500 මොඩල් එක. මේ මොඩල් එකට කියන තවත් නමක් තමයි octa core S4. ඒකට හේතුව GT-i9500යෙ තියෙන්නේ Samsung ලාගේ Exynos 5410 කියන cores 8 ක් ඇති ප්‍රොසෙසර් එක. ආසියාවේ ගොඩක් රටවල් වල තවමත් හරි හැටි 4G LTE සේවාවන් නැති නිසා මේ මොඩල් එක තමයි ලංකාව වගේ ආසියාතික රටවල් වල තියෙන්නේ. මොකද කීවොත් Exynos 5410 චිප් එකේ 4G LTE receiver එකක් නැති නිසා. යුරෝපීය හා ඇමරිකා රටවල් වලට ගහපු මොඩල් එක තමයි 4G LTE පහසුකම් ඇති GT-i9505 phone එක. Qualcomm සමාගමේ Snapdragon 600 කියන cores 4ක් තියෙන ප්‍රොසෙසර් එක තමයි මේ මොඩල් එකේ තියෙන්නේ. විදුලිය පිරිමැස්මෙන් Exynos චිප් එකට වඩා ඉදිරියෙන් ඉන්නවා වගේම කාර්යක්ෂම බවින් එක හා සමාන තත්වෙක ක්‍රියා කරන්ඩ පුලුවන් හැකියාවක් snapdragon 600 ප්‍රොසෙසර් එකට තියෙනවා.

-Clone-

 ගොඩක් S4 Clone වල තියෙන්නේ MediaTek එකෙන් ගහන ප්‍රොසෙසර් තමයි. MT6589 කියන්නේ 1.2GHz වේගයක් ඇති cores 4ක් (Quad -Core) තියෙන චිප් එකක්. මේක හදලා තියෙන්නේ Cortex-A7 Architecture එකට නිසා ලොකු ගණනය කිරීම් වලට වඩා විදුලිය පිරිමහන එක තමා කරන්නේ. එදිනෙදා වැඩ කටයුතු වලට වරදක් නෑ. එත් පට්ට ගේම්ස් , එකවර ගොඩක් දේ කරන්ඩ(Multitask) නම් අමාරුයි. සමහර Clones වල MT6589 චිප් එකට වඩා පරන ඒවත් තියෙනවා.

 කැමරාව (Camera)

මේ ගැනනම් ගොඩාක් දේවල් පැහැදිලි කරන්න අවශ්‍ය නෑ සමහර clones වලත් මෙගා පික්සල් 13ක කැමරා තියෙනවා. එත් ඒවා image noise වැඩි තත්වයෙන් බාල පින්තූර තමයි දෙන්නේ. Samsung camera modes (Best Shot,HDR..etc) මේවගේ නෑ. 1080p වීඩියෝ රෙකෝඩ් කරන්ඩත් බෑ. එත් මේ කැමරාවත් නරකම නෑ

තවත් දැන ගන්න වැදගත් දේවල් කීපයක්ම තියෙනවා


  • එකක් තමා RAM එක මේවා 1GB හෝ 512MB තමා අන්තර්ගත වෙන්නේ. 1GB නම් ලොකු ප්‍රශ්නයක් නෑ.එත් එය විවිධ apps වලින් 2GB පෙන්නන විදිහට තමයි ගොඩක් හදලා තියෙන්නේ. මේ ලින්ක් එකට ගියාම දැනගන්න පුළුවන්. HDCmobiles.com/Galaxy S4
  •  තවත් එකක් තමා HDC එකෙන්ම කියනවා phone එකේ තියෙන්නේ 720x1280 HD තිරයක් එත් System එක 1080x1920 FHD තිරයක් තියෙනවා කියලා  පෙන්නන විදිහට හදල තියෙන්නේ කියලා. 
  • අනික Android version එක 4.2.9 කියල තියෙන්නේ. Google සමාගම එහෙම Android සංස්කරණයක් එළිදක්වා නෑ. 4.2 Jelly Bean සංස්කරණ මාලාවේ අන්තිම සංස්කරණය වුනේ 4.2.2 
  •  ඊලග එක තමයි ධාරිතාව පේනවනේ system එක 16GB කියල පෙන්නුවාට ඇත්තටම 4GB ධාරිතාවක් තියෙන්නේ එකෙනුත් අපේ පාවිච්චියට ගන්ඩ පුලුවන් වෙන්නේ 2GB වගේ තමයි.
  • ඊලග එක තමා මේවා වෙළඳ පොළට එන ඔරිජිනල් වගේම Samsung package එක.ගොඩ දෙනෙක් රැවටෙන තවත් හේතුවක් තමා ඒක. එත් Korean version කියන clones වල box ඇතුලෙ වැඩිපුර battery එකක්. flip casing එහෙම තියෙනවා.
  • ඊලග එක බැටරිය ඒක ගැන කියනවනම් 2600mAh ධාරිතාවයක් ඇති බැටරි තියෙනවද කියලත් බලන්ඩ. 2600mAh කියල ගහල තිබ්බට ඇත්තම ධාරිතාවද කියන ප්‍රශ්ණෙ එනවා
  •   මේ ෆෝන් වල  Home Button එක තියෙන්නේ screen එකෙන් ගොඩක් යට ඔරිජිනල් එකේ එහෙම නෑ.අනික උඩයි යටයි plastic bezel එකත් ලොකු වැඩී.

  • *#0*# මේක තමා අමාරුවේ වැටෙන අනිත් තැන ඒක තමා Samsung ෆෝන් වල LCD Test කරන code එක.මේ HDC Clones හදල තියෙන්නේ මේ code එක වැඩ කරන විදිහට. ඒක ගැනත් සැලකිලිමත් වෙන්න
  •  අනිත් කාරණය තමයි මේවගේ ඔරිජිනල් එකේ තියෙන හුගක් sensor තියෙනවා ඒවා මුලින්ම හොදින් වැඩ කරනවා හැබැයි අඩු වියදම් hardware යොදා සෑදීම නිසා මේවා දීර්ඝ කාලීනව ක්‍රියාත්මක වීම පිලිබදව ප්‍රශ්නයක් තියෙනවා

එහෙනම් ඔයාලා මේවා ගැන හොදින් අවබෝධ කරගන්න ඇති කියල මම හිතනවා අඩු ගානක් දීලා මාස ගානක් භාවිතා කරන්න මේවා ගන්න එපා ගත්තත් වැඩියේ ඇගේ තියා ගන්න එපා විශේෂයන් පිරිමි අය මොකද මේවගේ SAR අගය පිලිබදව කිසිම සදහනක් නැති නිසා අනාගතයේ දරු ඵල අහිමි වෙන්න පුළුවන් යැයි සැකයක් මේවා පිලිබදව පල වෙලා තියෙනවා

පහල තියෙන පින්තුරෙනුත් ඔයාලට මේවාගෙ වෙනස හොයාගන්න උදවු වෙයි


ඔබ සැමට ජය..........


Saturday, July 13, 2013

Root කිරීම යනු කුමක්ද (සවිස්තරාත්මක ලිපිය)

 
මොකද්ද මේ රූට් ( root ) කරනවා කියන්නේ ?
සරළව කියන්න ඔන නිසා මම ඒක මේ විදියට පැහැදිලි කරන්නම්. අපි පරිගණක පාවිච්චි කරනවා නේ. ඒවයේ තියනවා නේ ඔය Admin login ( high privilege user ) සහ Guest login ( low privilege user ) වගේ එක එක level එකේ logins ( privileges ). ෆොන් වලත් එහෙම තමා. අපිට සාමාන්‍යයෙන් එන්නේ guest නැත්නම් අඩු privilege level එකක් තියන login එකක්. මේ යටතේ අපිට soltware (apps) install කරන්න එහෙම පුළුවන්. ඒත් ෆෝන් එකේ අභ්‍යන්තර දේවල් ( Core OS එකේ දේවල් ) වෙනස් කරන්න බෑ. ෆොන් එක root කරනවා කියන්නේ අන්න ඒ වගේ Admin privileges තියන user ව enable කර ගන්නවා වගේ වැඩක්. රූට් කියන්නේ ඇත්තටම කිව්වොත් ෆෝන් එකේ තියන (default) එක user account එකක්. Android කියන්නේ linux ගණයට වැටෙන OS එකක් නිසා root කියන user ව අනිවාර්යෙන් ඕන වෙනවා. නමුත් ෆෝන් එක එනකොට ඒ user ව අපිට පාවිච්චි කරන්න බැරි විදියට lock කිරීමක් වගේ දෙයක් කරලා තමා එන්නේ. රූට් කරන එකෙන් අපි කරන්නේ මේ root user ව ආයිත් පාවිචියට ගන්න එකයි.

රූට් කලාම ඇත්තටම වෙන්නේ මොකද්ද ?
රූට් කලාම ඇත්තටම වෙන්නේ ෆොන් එකේ super privileges තියන root user ව enable වෙන එක. මේකට පොඩි exploit එකක් කරන්න ඕනේ. ඒ කියන්නේ පොඩි hack එකක් වගේ. root ව enable උනාට පස්සේ ඒක පාවිච්චි කරලා, අර කලින් කරන්න බැරි උන් දේවල්, කලින් access කරන්න බැරි උන තැන් access කරන්න පුළුවන්.
ඒ විතරක් නෙමේ root commands හරියට වැඩ කරන්න නම්, BusyBox Binaries කියලා හඳුන්වන තවත් files ටිකක් අවශ්‍ය වෙනවා. ඔය busybox binary වල තමයි රූට් commands අන්තරගත වෙන්නේ.

root කලා කියලා අපිට ලැබෙන දේවල් මොනවාද ?
අලුතින් ලැබෙන්නේ නම් super user privilege එකයි, සමහර විට busybox binary ටිකයි විතරයි. ඒත් ඒකෙන් වැඩ ගන්න එක අපේ වැඩක්. නමුත් කරන්න පුළුවන් සරළ දේවල් ටිකක් කියන්නම්.

1. අපිට අවශ්‍ය නැති, ෆෝන් එක ගන්නකොට ෆෝන් එකත් එකක එන, සාමාන්‍ය විදියට අයින් කරන්න බැරි apps අයින් කරන්න පුළුවන්. ( මේ වගේ අයින් කරන්න බැරි, වැඩකට නැති apps වලට කියන්නේ bloatware කියලා ). ඔය Chinese, Korean වගේ ෆෝන් ගත්ත අයට නම් මේක හොඳට දැනෙනවා ඇති.

2. ෆෝන් එකේ සාමාන්‍යයෙන් අපිට බලන්න පුළුවන් Internal or External USB Storage එක විතරයි. ඔය ෆෝන් එකත් එක්ක එන file browser එකනේ බලන්න පුළුවන් ඒ ටික තමා. නමුත් root කලාට පස්සේ, වෙනත් File browser apps ( මේවා Android Play Store එකේ තියනවා ) පාවිච්චි කරලා මුළු system එකම බලන්න පුළුවන්. අපි මේවට කියන්නේ root explorer apps කියලා. ඇයි මේවා බලන්න ඕනේ වෙන්නේ කියලා මම පසුව විස්තර කරන්නම්.

3. සමහර developers ලා හදන apps තියනවා, root access අනිවාර්යයෙන් අවශ්‍ය වෙන ඒවා. ඒවා හරියට පාවිච්චි කරන්නත් root access ඕන කරනවා.

4. ෆෝන් එකේ සමහර දේවල් ( OS level, Hardware level ), සමහර වෙලාවට ඒ ෆෝන් එක හදන නිශ්පාදකයා විසින් disabled කරලා එවනවා. සමහර features පවා disable කරලා තියෙන අවස්ථා තියෙනවා. සමහර Android developers/ hackers ලා මේවා හොයාගෙන ඒ දේවල් enable කරන්න අවශ්‍ය software patches ( අපි මේවාට MODs කියලා කියනවා ) දෙනවා. ඒ දේවල් install කරන්නත් root access තිබීම අත්‍යාවශ්‍ය ම යි.

හැමදාම එකම ෆෝන් එකේ, එකම features දැකලා එපා වෙලා නම්, ඒකටත් තියනවා විසඳුමක්. ඒ තමා Custom ROMs. හැමදාම Stock ROM (Custom ROM, Stock ROM ගැන දන්නේ නැති අයට පහල ඒ ගැන විස්තරයක් තියනවා. එක බලන්න ) එකම දැකලා එපා වෙලා නම්, root කරපු අයට පුළුවන් Custom ROMs දාලා බලන්න.

root කලාම ෆෝන් එක speed වැඩි වෙනවාද ?
නැත. speed එක අඩු වෙන්නෙත් නැත. නමුත් ඕනේ නම් root access වලින් වැඩ දාලා, speed එක වැඩි කර ගන්න නම් පුළුවන්. උදාහරණයක් විදියට, කලින් කිව්වා වගේ bloat apps අයින් කලා නම් අනිවා Booting speed එකේ ඉඳන් හැම දේකම speed එක වැඩි වීමක් බලා ගන්න පුළුවන්.

root කලාම warranty එක නැති වෙනවාද ?
නීතියේ හැටියට නම් නෑ (මොකද අපි කරන්නේ ෆෝන් එකේ තියන user account එකක් enable කරන එක නේ ). ඒත් සාමාන්‍යයෙන් warranty නැති වෙනවා කියලා කියනවා. හැබැයි බය වෙන්න දෙයක් නෑ, ෆෝන් එකක් root කරනවා වගේම unroot කරන්නත් ක්‍රම තියෙනවා.

Stock ROMs කියන්නේ මොනවාද ?
මුලින්ම, සරලව කිවුවොත් ROM එකක් කියලා මෙතන අදහස් කරන්නේ, Android OS එකට. එතකොට stock ROMs කියන්නේ, ෆෝන් එක හදන company එකෙන් දෙන Android ROMs වලට. Stock ROM එක තමයි ෆෝන් එක ගන්නකොට තියෙන්නේ. පස්සේ එයාලා අපිට අලුත් updates එවනවා. ෆෝන් එකේ Settings -> About device -> Software update වලට ගිහින් අලුත් updates තියනවද කියලා බලන්න පුළුවන්. මෙහෙම දෙන updates වලට අපි කියන්නේ FOTA ( Firmware over-the-air ) නැත්නම් කෙටියෙන් OTA ( over-the-air ) updates කියලා.
ඒ වගේම මේ updates රටකින් රටකට පවා වෙනස් වෙනවා. ඉතින් එක රටකට Jelly Beans updates එනකොට තව රටකට තාමත් Ice Cream Sandwich ( ICS ) updates ලැබෙන්න පුළුවන්. හැබැයි මෙතන පොඩි හොර පාරකින් අර වෙන රටකට එන අලුත් updates එහෙමත් දා ගන්න බැරි කමක් නෑ. එහෙම ආපු update එකක්, download කරලා, ඒවා phone එකට write ( Flash කරනවා කියලා සරලව කියනවා ) කරන්න පුළුවන් tool එකක් පාවිච්චි කරලා දා ගන්න පුළුවන්. හැබැයි මේ වැඩේට root තිබීම අත්‍යාවශ්‍ය නෑ. නමුත් ඉතා ප්‍රවේශමෙන් කරන්න ඕනේ. වැඩේ වැරදුනොත් ප්‍රශ්න ගොඩයි.

Custom ROMs කියන්නේ මොනවද ?
මේ කියන්නේ, අර ෆෝන් එක දීපු company එකෙන් ( Official ) නොවන, එක එක Android developers ලා, හදන වෙනත් ROMs වලට. මේවා නොමිලේම ලබාගෙන දා ගන්න පුළුවන්. ගොඩක් දෙනා මේවා හදන්නේ ලාභ උපයන්නම නෙමේ. සාමාන්‍යයෙන් Custom ROMs වර්ග ගනනාවක් තියනවා. මේවා අතරින් කැපී පෙනෙන Custom ROMs වර්ග දෙකක් තියෙනවා.

1. Stock Based ROMs
Stock based ROMs කියන්නේ, Stock ROM එක අරගෙන, කපලා කොටලා, Features add කරලා, එක එක MODs දාලා, හැඩ වැඩ කරලා එවන ROMs. Custom ROMs වලට කැමති ඒත් Stock පැත්තට නැඹුරු ROM එකක් ඕනේ අයට හරි යන්නේ මේක තමා. මේ විදියට ROMs develop කරන එක තරමක් ලේසියි.

2. AOSP Based ROMs
AOSP Based ROMs කියන්නේ, Google relies කරන pure Android OS ( Source codes ) එක අරගෙන, එක එක devices ( Phones ) වලට ගැලපෙන විදියට හදලා, තව features, MODs දාලා හදන ඒවාට. මේක තරමක් අමාරු වැඩක්. Pure ( Vanilla ) Android Sources වලින් එක එක devices වලට ගැලපෙන විදියට OS එක හදනවා කියන්නේ සෑහෙන්න අමාරු වැඩක්. මොකද ෆෝන් එකේ features ඔක්කොම වැඩ කරන්න නම්, ( camera, wifi, 3G වගේ ) drivers පවා නැවත හදන්න ඕනේ. මොකද මේ drivers ( වල source codes ) සමහර වෙලාවට අදාල company එකෙන් මේ developers ලාට දෙන්නේ නෑ. ඒ නිසා මේ වැඩේට අත ගහන්නේ හොඳම Android වැඩ කාරයෝ තමයි.
 
--------------------------Mobile වැඩකෑලි තුල ඉදිරිපත් කිරීම Shown Veesly----------------------------

මොකක්ද මේ Bootloader කියන්නේ

1.මොකක්ද මේ bootloader කියන්නේ.......?
*ජංගම දුරකතනය ක්‍රියාත්මක කිරීමේදී දෘඩාංග ආරම්බ කිරීම, මෙහෙයුම් පද්දතියේ ස්ථායි බව සහතික කිරීම, මෙහෙයුම් පද්දතිය ආරම්බ කිරීම වගේ ගොඩාක් දේවල් වලට වැදගත් වන දෙයක් තමයි මේ Bootloader එක කියලා කියන්නේ.
දුරකතනයේ ඇති මෘදුකාංග මගින් එහි දෘඩාංග වලට හානියක් නොවන සේ දුරකථනය පනගැන්වීම සහතික කිරීම සඳහා මෙම ක්‍රියාවලිය වැදගත් වෙනවා.මේ නිසා Google සමගම විසින් Android operating System එකත් එක්ක Base bootloader රකක් ලබා දෙන අතර දුරකථන සමාගම් වලට තම දුරකථන වලට ගැලපෙන විදියට මේක වෙනස් කරගන්න අවසර තියෙනවා.
සාමාන්‍යයෙන් දුරකතනයක් මිලදී ගැනීමේදී Bootloader එක lock කරලා තමයි තියෙන්නේ (Except Samsung).user විසින් නොදැනුවත්කමින් සිදුකරන දේවල් වලින් මෙහෙයුම් පද්දතියේ ස්ථාවර බව බිඳ වැටීම වැලැක්වීම තමයි මෙහි අරමුණ වෙන්නේ.

2.Bootloader unlock කරනවා කියන්නේ මොකක්ද?
*Android මෙහෙයුම් පද්දතියේ පාලනය තමන් අතට ගැනීමේ මුලිකම පියවරක් තමා මේකෙන් වෙන්නේ. දුරකතනයට custom kernal එකක් flash කරන්නනම් එහි bootloader එක unlock කර තිබිය යුතුයි.

3.Bootloader Unlock කිරීමෙන් දුරකතනයේ වගකීම අවලංගු වෙනවද?
*ඔව්.

4.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ වේගය වැඩි වීමක් සිදු වේද?
*නැත. ඒත් processor එක overclock කරන්න පුළුවන් kernal එකක් flash කිරීම මගින් overclock කිරීමක් කල හැක.

5.දුරකතනයේ Bootloader unlock කිරීම කල යුතුමද?
*නැත. Android පිලිබඳ යම් දැනීමක් ඇති අයකු හැර වෙනත් කෙනෙකුන් විසින් මෙය උත්සහ නොකළ යුතුයි.
ඒත් අලුතින් custom rom (Stock kernal එකෙන් boot නොවන) flash කිරීමට අවශ්‍යනම් bootloader unlock කිරීම අනිවාර්ය වේ.

6.දුරකතනයේ Bootloader unlock කළහැකි\නොහැකි බව දැනගන්නේ කෙසේද?
*#*#7378423#*#* මගින් service manu එක ලැබෙන අතර එහි Service info\Configuration වලට යාමෙන් මෙය බලාගත හැක.

7.Bootloader unlock කිරීමේ වාසි මොනවාද?
i.දුරකතනයට ගැලපෙන ඕනෑම custom rom\custom kernal එකක් flash කල හැක.
ii.සාමාන්‍ය ක්‍රම වලින් root කිරීම නොකළ හැකි ඕනෑම firmware එකක් root කල හැක.
iii.Custom kernal flash කිරීම මගින් processor overclock කල හැක.

8.Bootloader unlock කිරීමෙන් දුරකතනයේ data නැති විය හැකිද ?
*දුරකතනයේ Data partition එක wipe වෙන නිසා දුරකතනයේ ඇති සියලුම data,settings මැකී යයි. ඒත් memory card එකෙහි ඇති data මැකී යාමක් සිදු නොවේ.
DRM keys නැවත ලබාගත නොහැකි ලෙසටම මැකීයයි.

9.Bootloader Unlock කරන්නේ කොහොමද?
*ක්‍රම 3ක් ඇත.
i.Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීම.
ii.S1tool මගින්.
iii.SEtool2 මගින්.

මෙයින් වඩාත් පහසු හා ආරක්‍ෂිත ක්‍රමය වන්නේ Sony official web site එකෙන් නොමිලේ unlock key එක ලබාගෙන unlock කිරීමයි. මේ සඳහා http://unlockbootloader.sonymobile.com/ web site එකෙන් නොමිලේ unlock code එක ලබාගත හැකි වන අතර flashtool මගින් පහසුවෙන්ම unlock කිරීම කල හැක.

සැ.යු :- Sony \ Sony Ericsson සඳහා bootloader unlock කිරීම සිදුකල යුතු උවත් Samsung ජංගම දුරකථන මිලදීගන්නා විටත් එහි bootloader unlock කර ඇත.
 
----------------------------Mobile වැඩකෑලි තුල ඉදිරිපත් කිරීම Shown Veesly---------------------------------
 

Sunday, June 23, 2013

සිංහල දාගන්න තවත් ක්‍රමයක්



මුලින් දුන්න ක්‍රමයට කරගන්න බැරි උන අයට තමයි මේක ගෙනාවේ මේක කරලත් බලන්නකෝ මේකටත්  root  කරලා තියෙන්න ඕනේ එහෙනං ඒ වැඩේටත් බහිමුකො 

 01:- මුලින්ම පහල තියෙන ඒවා ඩවුන්ලෝඩ් කරගන්නකො

02:- ඊට පස්සේ font installer app එක Open කරගන්න..


03:- Open කරගත් පසු local කියන එකට යන්න


04:- දැන් කලින් ඩවුන්ලෝඩ් කර ගත්ත font තියන තැනට යන්න


05:- ඊට පසුව font එක click කරලා install කර ගන්න


06:- ඔන්න වැඩේ හරි අන්තිමට එනවා restart කරන්නද කියන massage එක ඒක yes කරන්න

restart උනාට පස්සේ බලන්නකෝ වැඩේ කෝමද කියල  එහෙනං මේකත් ටෙස්ට් කරලා බලන්නකෝ

සැලකිය යුතුයි :- අත්හදා බැලීම ඔබ සතුයි




රූට් කරපු Android එකට සිංහල



ඔන්න යාලුවනේ මම කලින් ගෙනාවනේ ගැලැක්සි Y එක රූට් කරන විදිය දැන් දෙන්න යන්නේ හැමෝටම වගේ ප්‍රශ්ණයක් වෙච්ච සිංහල දැමීම ගැන මේ ක්‍රමය ගැලපෙන්නේ මොන මොන model වලටනම් දන්නෑ හැබැයි ගැලැක්සි Y එකටනම් ලෙසටම වැඩලු මේක බලන්නනම් මට android එකක් නෑ හරි කතාව පැත්තකින් තියලා බහිමුකො වැඩේට

මේක කරන්න ෆෝන් එක රූට් කරලා තියෙන්න ඕනේ



01:- හරි එහෙනම් ඒක download කරලා SD Card එකට දාන්න 

02:- ඊට පස්සේ root explorer  එක ඕපන් කරගන්න.

  •  දැන් ඒකෙන් font එක තියෙන තැනට යන්න,

  • ඒක EXTRACT කරගන්න.


03:- ඒක කරාම ඔයාලගේ 4න් එකේ SD card එකේ extract කියල ෆෝල්ඩරයක් හැදිලා ඇති.ඒකෙන් දෙවෙනි එක copy කරන්න

  • ඒකෙන් font එක කොපි කරගෙන රූට් explorer එකෙන් system/font කියන path එකට යන්න copy කරගෙන ආපු font එක එතනට paste කරන්න


04:-ඔන්න දැන් බය නැතුව බය yes කරන්න.

එහෙනං ඔන්න අපේ වැඩ හරි ටෙස්ට් කරලා බලන්නකෝ

සැලකිය යුතුයි:- දැනුම බෙදා හදා ගැනීම මා සතුයි අත්හදා බැලීම ඔයාලා සතුයි
                      




Wednesday, June 19, 2013

Fake අයිෆෝන් සොයාගනිමු





ආ යාලුවනේ අදත් ආව වැදගත් දෙයක් අරගෙන දැන් හැමතැනම චයිනා ෆෝන් ගොඩ ගැහිලා මොකද ලාබයිනේ ඒත් ඒ අතර තියෙනවා හොද Brandname භාවිතා කරලා හදන හොර කොපි මම කලින් post එකෙන් අරන් ආව එහෙම හදන ගැලැක්සි SIII එක ගැන අද මම කියන්න යන්නේ Apple නම භාවිතා කරලා හදන Fake අයිෆෝන් ගැන




මේවා කිසිමවිටක original නෙමේ චයිනා ජාවා OS එකක් බාවිතා කරලා හදන තවත් එක් කොපියක් විතරයි...
 මේවා හොයාගන්න එක බොහොම ලේසියි අපි එකින් එක ඒවා හොයාගනිමු


01:- අයිෆෝන් ගැන හොදින් දන්නා කෙනෙක්ට අතට ගත්ත ගමන් මේවා හොයාගන්න පුළුවන් Original එකේ තියෙන smooth ගතිය මේවට ගන්න කවදාවත් බෑ..(LockScreen එකේ Slide To Unlock එකෙන්ම හොයාගන්න පුළුවන්)

02:- ඊලග එක තමයි Original අයිෆෝන් එකක IMEI අංකය පටන් ගන්නේ 01න් නමුත් කොපියේ එහෙම නෑ(for Imei dial *#06#)

03:- තවත් වැදගත්ම එකක් තමා අයිෆෝන් එකක IMEI අංකය Apple Server එක හා සම්බන්ද වෙබ්අඩවියක යොදා එය Original එකක්මදැයි සොයා ගැනීමට ඇති හැකියාව (එවැනි වෙබ්අඩවි කීපයක් පහත දක්වා ඇත)
  *http://iphoneimei.info/
  *iphoneox.com/‎
  *http://iunlocker.net/check_imei.php

04:-තවත් එකක් තමයි Original  අයිෆෝන් එකක සදහන් වෙන්නේ Design by Apple in California Assembled in China යනුවෙන් වෙනත් කිසිදු යමක් සදහන් අයිෆෝන් original ඒවා නොවේ(මෙසේ සදහන් වූ හොර කෝපිත් තියෙනවා)


05:- ගන්න පිහියක් වගේ යමක් අරන් සූරන්න ඉදිරි වීදුරුව Original එකක්නම් පිහපුවාම පාරක්වත් හිටින් නෑ හොර කොපියක්නම් ඉවරෙටම ඉවරයි (මේකනම් ටෙස්ට් කරන්න වැඩියෙම ඕනේ නෑ අනිත් ඒවගෙන් ටෙස්ට් කරන්න මේක කරන්න ගිහින් ගුටි කන්නනම් එපා)

06:- original අයිෆෝන් ෆුල්සීල් (පියන් එහෙම නෑ බැටරිය එහෙම බලන්න)

07:- තවත් එකක් තමයි original අයිෆෝන් ON වෙන්න ටිකක් වෙලා යනවා

ඔන්න ඕවගේ දේවල් වලින් මේවා හොයාගන්න පුළුවන්







Tuesday, June 18, 2013

ඔබත් අසු උනාද Replica Galaxy SIII කියන හොර කොපියට?




 
දැන් හැමතැනම කොරියා ගැලැක්සි SIII කියල විකුණන හොර කොපියක් තියෙනවා ඒවාට අහු වෙන්නනම් එපා   


01:- කොරියා Anycall එකක් නම් model එක SHV - වලින් පටන් ගන්න එකක් වෙන්න ඕනේ ඒත් මේවාගේ මොඩෙල් එක i9300 කියල තියෙන්නේ
02:- ෆුල් සෙට් කියල විකුනන්නෙ චයිනා කෑලි වලින් Fullset තමා :D
03:- ටච් එකක් ඒ වෙලාවට සුපිරියට වැඩ පහුවෙනකොට තමා දුක හිතෙන්නේ
04:- කැමරාවත් ඒ වෙලාවට හොදයි
 
මේවට අහු වෙන්න එපා මෙච්චර හොද Performance තියෙන එකක් කවදාවත් මෙච්චර අඩුවට දෙන්නේ නැනේ කොරියන් එකත් එහෙමයි නියම කොරියන් ගැලැක්සිත් සුපිරි Performance තියෙන device වෙනස ඒක කොරියාවට ගැලපෙන විදියට නිර්මාණය කරන එක

ඒත් කොහොමද මේවා හොයාගන්නේ කියන ප්‍රශ්නේ ඔයාලට එයි ඒක ගොඩක් ලේසි

01:-දන්නා කෙනෙක්නම් අතට ගත්ත ගමන් දැනගන්නවා එක කොපියක් කියල මොකද ඒවගේ කවදාවත් ඔරිජිනල් වල තියෙන smooth ගතිය නෑ
 
02:-මේවගේ Android Version එක විදියට සදහන් වෙන්නේ  4.1.9 මෙහෙම එකක් හොයාගන්නවත් නෑ 
 
03:- සිම් එකයි චිප් එකයි දාන්න තියෙන තැනෙනුත් මේ දෙක අදුනගන්න පුළුවන් 

  * ORIGINAL(මේකේ මේ දෙක දාන්න තියෙන්නේ battery එකට පහතින්)


  * CLONE (මේකේ මේ දෙක දාන්න එන්නේ battery එකට උඩින්)

 
04:- තවද මේවගේ විඩියො කිරන අතරතුර ෆොටො ගැනිමේ පහසු කම නැත 

05:-මේවගේ Samsung logo එකෙන්ද මේවා හොයාගන්න පුළුවන් 

  * Clone වල මෙන්න මේ වගේ sticker එකක් එන්නේ


 
  * Original  එකේ අකුරු ටික විතරයි සදහන් වෙන්නේ 


ඔන්න රට වටේම යන මේ හොරේට අහු වෙන්නනම් එපා අහු වෙලා Android වලට සහ Samsung කොම්පැනි එකට බනින්නත් එපා නොදන්නා අයටත් කියල දෙන්න  මේ වගේ එකක් ගත්තොත් ආයේ Samsung device දිහා බලන්නවත් හිතෙන්නේ නැති වෙයි

 

Wednesday, June 12, 2013

හැමෝටම ප්‍රශ්නයක් උනානේ මොකක්ද මේ AnyCall කියන එක





කාලෙකින් ආවා හැමෝටම වගේ වැදගත් වන දෙයක් අරගෙන මේක facebook එකේ Shown Veesly අයියා  තමා හොයාගෙන අපිට ලබාදුන්නේ එයත් මේක හොයාගෙන තියෙන්නේ ඉන්ටෙර්නෙට් එකෙන් මෙහි මුල් කතෘට අපගේ ප්‍රණාමය 

මොකක්ද මේ එනිකෝල්? අද අපි හැමෝටම තියන ප්‍රශ්නයක් මේ එනිකෝල්, සමහර අය හිතනවා එනිකෝල් කියන්නේ වටිනාකමක් නැති එහෙමත් නැත්නම් බාල වර්ගයේ ෆෝන් කියලා. තවත් අය හිතනවා එනිකෝල් කියන්නේ ඇන්ඩ්‍රොයිඩ් ඉෆෙක්ට් දාලා දුවන වැදගැම්මක් නැති දුරකතන කියලා. ඇත්තෙන්ම එනිකෝල් කියන්නේ සැම්සුන්ග් ඉලෙක්ට්‍රොනික් ආයතනය මගින් පිහිටෙවු සහ ඔවුන්ගේම ආයතනයක්. එහෙමත් නැත්නම එනිකෝල් යනු සැම්සුන්ග් ආයතනයේ දුරකතන නාම සදහා නිපදවූ ආයතනයක් මෙම ආයතනය ඔවුන් විසින් පිහුටවන ලද්දේ 1993 වර්ශයේදීය. ඒ එවකට කොරියාවේ ආදිපත්‍ය පතුරුවාගෙන සිටි මෝටරෝලා සමාගම හා තරග කිරීමටය. කොරියාව යනු බෙහෙවින් කදු ශිඛර පිහිටා ඇති රටකි.මෙම කාලය වනවිට මෝටරෝලා ආයතනය වෙළද පොළ ආධිපත්‍ය දැරූමුත් ඔවුන් හට මෙම බාධාව ජය ගැනීමට අසීරු විය. ඒ ඔවුන්ගේ දුරකතන සිග්නල් බෙහෙවින් අඩුවීමය. මේ කාලය තුල සැම්සුන්ග් ආයතනය ඔවුන්ගේ දුරකතන එනිකෝල් යනුවෙන් නම් කර වෙලද පොල ආධිපත්‍ය තමන් සතුකර ගත්හ. ඔවුන් මෙම එනිකෝල් නාමය යොදා ගැනීමට හේතුව නම් සෑම ප්‍රදේශයකම, සෑම ස්තානයක, පොලවෙන් යටත මෙන්ම උඩු ගුවනේ සිට උවද තමන්ගේ දුරකතන පාවිච්චිකල හැකි බව දැන්වීමටය.(ඒ කියන්නේ ලොවෙත් සිග්නල් තියනවා)
මෙම අභියෝග සාර්තකව ජයගත් සැම්සුන්ග් ආයතනය තම දුරකතන කොරියාව තුල එනිකෝල් නාමය යටතේ නිකුත් කිරීමට පියවර ගත්හ. මෙම එනිකෝල් නාමය කෙතරම් ජනප්‍රිය වීදයත් සහ අනිකුත් දුරකතන ආයතන කොරියාව තුල තම දුරකතන එනිකෝල් නාමය යටතේ අලෙවි කිරීමට සැම්සුන්ග් ආයතන සමග ගිවිසුම් ඇතිකර ගත්හ.

තව එකක් අපේ රටවල් වල මිනිස්සු තමා හොද දේවල් පිටට දීලා නරක දේවල් අපිට දෙන්නේ. ඒත් මුන් එහෙම නෑ. උන් උන්ගේ රටට හොදම දේ නිර්මාණය කරනවා. ඒක ෆෝන් වල හාර්ඩ්වෙයාර් පැත්ත ගැන දන්න උන් දන්නවා, කොරියන් එනිකෝල් එකෙයි වෙනත් රටවලට නිර්මාණය කරන එකෙයි වෙනස. අනික කොර්යාවේ එවුන්ගේ මවු භාශාව කොරියන්. උන් උන්ගේ භාශාවට ගොඩාක් ආදරෙයි ගරු කරනවා, චීනේ, ඉතාලිය වගේ රටවල් වල අයත් එහෙමයි. ඉතින් ඒ හේතුව උඩ ඒ අය ඒ දුරකතන තමන්ගේ භාශාවලින් පාවිච්චි කිරීමට නිපදවන්නේ. අනික එනිකෝල් ලාභ වෙන්න හේතුවත් ඒ රටේ නිශ්පාදන තමුන්ගේ මිනිස්සුන්ට අඩුවට නිකුත් කරන නිසා (අපේ රටේ වගේ) එහේ කාර් උනත් පට්ට ලාභයි.
අනික අපේ කොල්ලෝ ගොඩාක් ඉන්නේ එහේ. උන් ගන්න ෆෝන් පොඩිගානක් තියන් විකුනන්නේ, ඒකයි මෙහේ ලාභ.තව එකක්, එනිකෝල් විතරක් නෙමෙයි කොරියාවට නිශ්පාදනය කරන හැම ෆෝන් එකකම ඇන්ටනාවක් තියනවා. ඒ අපිට වගේ ඉන්ටර්නෙට් කනෙක්ට් කරන් TV බල්න්න උන්ට සල්ලි නැති නිසා උන් නොමිලේ හැමෝටම TV බලන්න සලස්වලා තියනවා. ඉතාමත් දියුනු තාක්ශණයක්.(T-DMB, mean Terrestrial Digital Multimedia Broadcasting) ඒක සින්හලෙන් දන්නේ නෑ බන්.


Samsung is Korean name, :Sam" mean Three, "Sung" mean Star. Three Star. if U need Genuine Samsung phone originally made for them Use Anycall
 මෙය උපුටාගැනීමක් වන අතර අපට මෙය ලබා දුන් Shown Veesly අයියාට ගොඩාක් ස්තුති