වේලාව

Friday, April 12, 2013

ජංගම දුරකථනය වතුරට වැටුනොත්




ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්‍රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි.
දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්‍රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්‍රථම දෙවරක් සිතන්න.
ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න.
යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.

සැ,යු:- නමුත් දැන් වෙළදපලේ තියෙන සමහරක් ස්මාර්ට් ෆෝන් water proof (උදා:- Sony Xperia Z) එහෙමයි කියල ඒවාට කොහොමත් වතුර යන්නේ නැත්තේ නෑ ඒවාට පුළුවන් ගැබුරක් තියෙනවා ඒ ප්‍රමණායෙදී ඒවා සුරක්ෂිතයි

No comments:

Post a Comment