වේලාව

Wednesday, April 24, 2013

මොනවද මේ Dialog එකෙන් දෙන Android Smart Phone



දැන් හැමතැනම වගේ අහන්න තියෙන Dialog එකෙන් අඩුවට දෙන android ෆෝන් ගැන තමා මේ විස්තරේ හැමෝම වගේ ඒවා ගැන උනන්දුයිනේ

 


මේවගේ Mother Company එක innOS china වල සාමාන්‍ය company එකක්
මේවගේ Specification කියන්න ඕනේ නැනේ Dialog එකෙන් හැම වෙලාවේම කියනවනේ මම කියන්නම් මේවගේ තියෙන අනිත් විස්තර මේකේ තියෙන්නේ ඉගුරු පාන් ඒ කියන්නේ Ginger Bread කියන android  version එක Dialog එකෙන් මේවා පුරුදු විදියට Lock කරලා තියෙන්නේ හැබැයි ඕන සිම් එකක් use කරන්න පුළුවන් Second සිම් එක විදියට ඒකෙන් නෙට් යන එකනම් අවූල් මොකද 1st සිම් එකට විතරයි 3G තියෙන්නේ ඒ කියන්නේ 1st සිම් එක අනිවාර්යෙන්ම Dialog වෙන්නම ඕනනේ ඒකයි මේක Dual සිම් ඒ අත්දැකීමත් විදින්න පුළුවන් ම්ම් දැන් හැමෝම android එකක් ගත්තම රූට් කරන්නයි Custom Rom දාන්නයි හදනවනේ එකනම් මේකේ කරන්න බැරි වෙයි(සමහරක් විට රූට් කරන්න පුළුවන් ඇති android version එක අනුව) Custom Romනම් තාම හදල නැතුව ඇතිනේ සුළු මුදලකට android අත්දැකීම ලබාගන්නනම් මේක හොද අවස්ථාවක් සාමාන්‍යෙන් හොද game එකක් ගහල සින්දුවක් අහල android අත්දැකීම ලබාගන්න මේක හොද අවස්ථාවක් නමුත් ලොකු වැඩක් ගන්නවනම් මේක ගැලපෙන් නැති වෙයි (custom rom දාන වගේ වැඩ)  මේවගේ Specification බලාගන්නනම් මෙතනින් යන්න මම මේවා හොයාගත්තේ facebook එකෙන් හා ඉන්ටර්නෙට් එකෙන් මොකක්හරි අඩුපාඩුවක් තියෙනවනම් කියන්න ඒ වගේම මම සමාව ඉල්ලනවා!!!!!!





Tuesday, April 16, 2013

Free Locked IPhone එකේ Carrier එක හොයමුද??????

ඔන්න කස්ටිය අදත් ආවේ Appleලා වෙනුවෙන් වැඩකට තමා ඒකෙත් Locked අය වෙනුවෙනුයි
IPhone Factory Unlock එකක් ගන්න එක ටිකක් වියදම් වැඩක් ඒ හින්ද හුගක් අය කරන්නේ Locked එකක් අරන් Unlock කරන එක එත් මෙහෙම කරද්දී අපිට දැනගන්න ඕන වෙනවා මේකේ Carrier එක මොකක්ද කියල මේක Normaly කරන්න ගියොත් සල්ලි දෙන්න වෙනවා ඒත් මේ විදිහට කීයක්වත් යන් නෑ මේක දැනගත්තේ facebook එකෙන් මුලින්ම ඒ අයියට ස්තුති කරනවා මම හරි ඒනං බහිමු වැඩේට
  1. මුලින්ම Itools ගම්මු හුගක් අය ගාව ඇති නැත්නම් මෙතනින් ගන්න අරන් install කරගන්න
  2. ෆෝන් එක Connect කරගෙන Software එක Open කරගන්න
  3. ඊටපස්සේ ෆෝන් එකේ විස්තර එයි එතන යට තියෙන View Details කියන එක Click කරන්න                                                                                                                                                    (Itool අලුත් version එකේ මෙහෙම එයි)  
  4. ඕකෙන් අපිට ඕන වෙන්නේ IMEI number එක යට තියෙන IMSI number එක ඒකෙත් මුල් අංක 5
  5. දැන් යන්න මේ ලින්කුවට ඊට පස්සේ භාවිතා කරන Browser එකේ Find යන්න හොයාගන්න(නැතත් කමක් නෑ) 
  6. ඊටපස්සේ අර IMSI number එකේ මුල් අංක 5 ලබාදෙන්න (find යන්න නොමැතිව වෙබ් පිටුවේ සැරිසරාද අංකයට අදාල Carrier එක සොයා ගත හැක)
ඔන්න වැඩේ හරි Carrier එක හොයා ගන්න පුළුවන්නේ සල්ලි ගෙවන්න දෙයක් නෑ වැඩේ ගොඩ

Friday, April 12, 2013

ජංගම දුරකථනය වතුරට වැටුනොත්




ජංගම දුරකතන භාවිතයේදි,එය වතුරට වැටුනු විට ඔබට ප්‍රශ්න රාශියක් මතු වෙයි... එවැනි අවස්ථාවක මුලින්ම කරන්න ඕන පිහදාන එක නෙවෙයි බැටරිය ගලවල ඉවත් කරන එකයි.කවදාවත් වතුරට වැටුන ගමන් on වෙනවද බලන්න එපා.එසේ කිරීමෙන් වෙන්නේ පරිපථය ෂෝට් වෙන එක එහෙම උනොත් එහි අලුත්වැඩියාව සඳහා විශාල මුදලක් යොදවන්න වෙනවා.එම නිසා හැකි ඉක්මණින් phone අලුත්වැඩියා කරන කෙනෙක් ගාවට ගෙනියන එක නුවණට හුරුයි.
දුරකතනයේ ඇති usb සම්බන්ධ කෝඩ් එක, හෑන්ඩ් ෆ්‍රී එක සම්බන්ධ සිදුරු, චාර්ජ් එක සම්බන්ධ සිදුර, සමහර phone වල ආවරණය කර ඇත. ඇතැමුන් එය ඉවත් කරයි. එය ඔබේ phone එකට අහිතකරය. මක් නිසාද යත්, එම ආවරණ යොදා තිබෙන්නේ වැස්සෙන් හෝ ජල වාෂ්ප වලින් හෝ එහි ඇති සිදුරු වලින් phone එක ඇතුළට ජලය යාමෙන් phone එකට වන හානිය අවම කර ගැනීමටය. එම නිසා එම ආවරණ ගැලවීමට ප්‍රථම දෙවරක් සිතන්න.
ඔබේ ජංගම දුරකථනය ලුණු වතුරට, එනම් මුහුදු වතුරට වැටුණොත් එය යථා තත්වයට පත්කර ගැනීමට නම් බොහෝ විට අසීරූය. එවැනි අවස්ථාවක හැකි තරම් ඉකමණින් අලුත් වැඩියා කරන්න දෙන්න.
යම් කිසි දියරයක් මත වැටීම නිසා ජංගම දුරකතනයක පරිපථයකට මෙන්ම, Speaker, Sim Card, Display, Key Pad, Light, වැනි උපකරණ වලට ද හානි සිදු විය හැක. එම නිසා phone එක පරිස්සමින් පාවිච්චි කරන්න. කිසි විටික ඉහත අවස්ථා වලදි ඔබේ ජංගම දුරකතනය On කිරීමෙන් වලකින්න.

සැ,යු:- නමුත් දැන් වෙළදපලේ තියෙන සමහරක් ස්මාර්ට් ෆෝන් water proof (උදා:- Sony Xperia Z) එහෙමයි කියල ඒවාට කොහොමත් වතුර යන්නේ නැත්තේ නෑ ඒවාට පුළුවන් ගැබුරක් තියෙනවා ඒ ප්‍රමණායෙදී ඒවා සුරක්ෂිතයි

මොකක්ද මේ Capacitive Resistive ටච්




යාලුවනේ ඔන්න මම ආයෙත් ආවා මෙදා පාර ගෙනාවේ ගොඩාක් වැදගත් දෙයක් කියල මම හිතෙනවා දැන් හැමෝම ගාව වගේ තියෙන්නේ ටච් ජංගම දුරකතනනේ ඒවායේ තියෙනවා ටච් වර්ග දෙකක් නමුත් සමහරක් අය මේ දෙකේ වෙනස දන්නේ නෑ මෙන්න ඒ ගැන විස්තර
  

   


Capacitive ටච්වල විස්තර හා ඇති ප්‍රයෝජන
  • මේවායේ මල්ටි ටච් වැඩ කරනවා
  • ඉර එලියේදි සුපිරි දැකීමක් ලබාගැනීමට හැකිවෙනවා 
  • අතගිලි වලට ගොඩාක් සන්වේදී වෙනවා
  • අතැගිලි වලට දැනෙන පහසුව
අවාසී
  • ආර්ද්‍රතාවය 5%ක් වත් Capacitive ටච් බාවිතා කිරීමට අවශ්‍ය වේ
  • බොහෝ මිල අදිකයි
  • නියපොතු ටච් පෙන් වැනි රළු දේ වලින් ටච් කල නොහැකියි
  • අලුත් තාක්ශනයක් නිසා දිනෙන් දින වර්දනය වෙනවා


Resistive ටච්වල විස්තර හා ඇති ප්‍රයෝජන
  • පළමුවෙන්ම පැමිණි ටච් වර්ගය මෙය වේ  
  • නියපොතු, ටච් පෙන් වැනි දෙයින් පමනක් ටච් කල හැකියි නැතහොත් දෙපාරක්වත් ටච් කල යුතුය
  • ඕනෑම කාලගුන තත්වයකදි හා ආර්ද්‍රතාවයකදි මෙය බාවිතයට ගත හැකියි  
  • Capacitive ටච් එකට වඩා බොහෝ නිවැරදි ඒ කියන්නේ ටච් වෙන්නේ පොඩිතැනක්නේ ඒ හන්දා ලැබෙන පිලිතුර ගොඩාක් නිවැරදි

අවාසී
  • මල්ටි ටච් පහසුකම  බාවිතා කල නොහැකියි කෙසේ උවත් එය යම් තාක් දුරට දියුනු කර තිබුනද 100%  කාර්‍යක්ශම නොවෙයි
  • අතිශයින්ම සන්වේදී නොවේ
  • ඉර එලියේදි එතරම් හොද දැකීමක් ලබා නොදේ
  • ස්ක්‍රීන් එකේ උඩම කොටස පමණක් සන්වේදී නිසා අනතුරු සහ සීරීම් වලට බාජනය වීමේ ඉඩකඩ වැඩි වේ

Wednesday, April 10, 2013

SYMBIAN S60 V5 ෆොන් එක xperia වගේ කරමු



 අම්මේ ඔන්න symbian වලට වැඩ කෑල්ලක් ගෙනාවා මේක සෙට් වෙන්නේ  SYMBIAN S60 V5 වලට තමා 5800,5230,5530 වගේ ඒවාට මගේ යාලුවෙක් 5230ට දැම්ම නියෙමෙට වැඩ ඔයාලත් මේක බාගෙන PC Suite එකෙන් ෆොන් එකට install කරගන්න පස්සේ xperia wallpaper එකකුත් දා ගන්න
මේක නියමයි LOCK එකත් එනවනේ දාගෙනම බලන්න

මෙන්න ලින්කුව

ITune ID නොමිලේම හදා ගමුද???????

 හුගක් අයට තියෙන ප්‍රශ්නයක් තමා කොහොමද මේ apple ID එකක් හදා ගන්නේ කියන එක මොකද ඒකට credit card ඉල්ලනවනේ එහෙම ඕනි නෑ අපි වැඩේට බහිමු එනන්.....මේක මට කියල දුන්නේ FB එකේ අයිය කෙනෙක් එයාට මුලින්ම ස්තුති වෙන්න ඕනි

  1. මුලින්ම ඊමේල් එකක් හදාගන්න Gmailනම් ගොඩක් හොදයි 
  2. iTunes සොප්ට්වෙයාර් එක ඔබගේ පරිගණකයේ ස්ථාපිත කර ගන්න http://www.apple.com/itunes/download/
  3. iTunes සොෆ්ට්වෙයාර් එක ඕපන් කරන්න
  4. ඔබ කිසිම විටක එකපාරම ID එකක් create කරන්න යන්න එපා 
  5.  iTunes store එක කිලික් කරලා free app කියල සර්ච් එකක් දෙන්න
  6.  free apps ආවහම අපි free app එකක් උඩ ක්ලික් කරලා ඔපෙන් කර ගන්න ඕන  ඔතන තියෙනවා create Apple id කියල එක කිලික් කරන්න  
  7. ඊට පස්සේ policy and terms read කලා කියල ටික් එකක් දාල agree කරන්න 
  8.  ඊට පස්සේ එන එකේ අදාල දත්ත ටික පුරවන්න ඕන                                                                             *රහස් අංකය එය දීමේදී සැලකිලිමත් වන්න අංක ඕන කැපිටල් අකුරු ඕන සිම්පල් අකුරු ඕන ඔය තුන  වර්ගයම ඇතුලත් වන්න ඕන සරල උදාහරණයක් විදිහට 123123asD දෙන සැම දෙයක්ම මතක තියාගන්න
  9.  සේරම පුරවල ඉවර වෙලා continue දෙන්න 
  10. ඊට පස්සේ ඒවි credit card ගැන එතන none කියන එක click කරන්න (none යනුවෙන් එන්නේ free apps search කර ID සාදා ගන්නා විටයි) click කරලා අදාල දත්ත පුරවන්න සේරම පුරවල ඉවර වෙලා create Apple id දීල ok කරන්න
  11. ok දුන්නු ගමන් ඊමේල් එකට ගිහින් බලන්න අලුත් ඊමේල් එකක් ඇවිත් ඇති ඒක open කරලා verify කරන්න 
  12. ඊට පස්සේ Apple id එකයි රහස් අංකයයි දීල වෙරිෆයි ඇඩ්රස් කියල කිලික් කරන්න
  13. ඔන්න වැඩේ ගොඩ return to the store ක්ලික් කරන්න iTunes ඕපන් වෙලා ලොග් වේවි
මොකක්හරි අවුලක් උනොත් comment එකක් දාන්න ෆොටෝ දාන්නනම් බැරි උනා ඒකට සමා වෙන්න ඕනි
වැඩේ හොදනම් ඒකටත් comment එකක් දෙන්න
---------------------------------------------------------------------------------------------------------------------

IPhone එකේ ios version එක වෙනස් කරලා අලුත් apps දාමුද???????????

 මුලින්ම කියන්න ඕනි මේක කරන්න ඕනේ system file එක්ක මේක හින්ද වෙන කිසිම දේකට මම වගකියන්නේ නෑ හැබැයි මම මේක try කලා මගේ 3G එකේ හොදට වැඩ

මේක 2G,3G වගේ පරණ device තියෙන අයට ගොඩක් ප්‍රයෝජනවත් වේවි මොකද store එකේ දැනට තියෙන apps ඒවාට ගැලපෙන්නේ නැතිකම මෙහෙම කරාම ඒවා ගන්න පුළුවන්


 
ඒනන් වැඩේ පටාන් ගම්මුකො
*මේකට ඔයාලගේ device එක jailbreak කරලා තියෙන්නෝනි
*cydia වලින් ifile install කරලා තියෙන්නත් ඕනි(cydia කියන ලිපිය කියවල බලල ifile install කරගන්න)

 Sb Settings, Lockinfo වගේ apps දාල තියෙන අයට error එනවලු ඒ අය නොකරට කමක් නෑ 

මෙහෙමයි කරන්නේ
 
  • iFile open කරන්න මේ path එකට යන්න System/Library/CoreServices > SystemVersion.plist ඒක text viewer එකක් විදියට open කරන්න  
  •  ඊට පස්සේ BUILD version and Product Version එක change කරමු මෙන්න මෙහෙම ඔයාගේ තියෙන්නේ 4.1 (build 8B117) නම්  5.0.1 or 5.1.1 විදියට (5.0.1 - 9A405 or 5.1.1 - 9B206)

    ios codes
    • 4.1    = 8B117
    • 4.2.1 = 8C148
    • 5.0.1 = 9A405
    • 5.1.1 = 9B206
    • 6.0.1 = 10A523
මෙන්න මේ ලින්කුවේ බලන්න iphone,ipod,ipad හැම එකේම BUILD version and Product Version තියෙනවා බලල ඒවත් edit කරල වැඩේ දෙන්න හොද version එකකට 
 
 * http://enterpriseios.com/wiki/Complete_List_of_iOS_User_Agent_Strings 

  • දැන් restart පාරක් දාලම බලන්න 

වැඩේ ගොඩනං comment පාරක් දාන්න මේක ගැන දැන ගත්තේ FB එකෙන් ඒ අයියල හැමෝටම ගොඩක් ස්තුතිවන්තවෙන්න ඕනි 


CYDIA

සැලකිය යුතු කරුණු :-  මෙහි සදහන් දේ කිරීම නිසා ඇති වන දෝෂ සදහා වගකියන්නේ නැත
                                 * අවශ්‍ය දෑ පමණක් සිදුකරන්න

මුලින්ම මොකක්ද මේ cydia කියන්නේ ඒක තමයි apple device එකක් jailbreak කරාම ලැබෙන වැදගත්ම දේ
  • Cydia App එක Open කරන්න.
  • Manage කියන එකට යන්න. ( පහල ඇති )
  • Sources කියන එක ක්ලික් කරන්න.( එවිට Soures Codes කලින් ඇතුලත් කර තිබේනම් ඇතුලත් කරපු Sources Codes ටික දකින්නට පුළුවන්. )
  • Edit කියන එක ක්ලික් කරන්න.
  • Add කියන එක ක්ලික් කරන්න.
  • ලැබෙන Text Box එකේ Sources Code එකට අදාල Link එක ඇතුලත් කර Add Source කියන එක ක්ලික් කරන්න.
විවිධ Sources වලින් තමයි twaeks ලැබෙන්නේ පහතින් දක්වා ඇත්තේ වැදගත් Sources කීපයකි.......
(සෑම විටම විශ්වාසවන්ත Sources වලින්ම tweaks ලබා ගන්න)


 Tweaks ඇතුලත් කර ගන්නා ආකාරය.
  • Cydia App එක Open කරන්න.
  • Search කියන එකට යන්න.එහි ඇති Search Box එකේ තමාට අවශ්‍ය Tweak එකේ නම type කර ඒ තුලට යන්න. | Or | Manage කියන එකට යන්න.එහි ඇති Sources කියන එකේ ඇති අදාල Source එකේ අදාල Tweak එක තුලට යන්න.
  • එහි Install යන්න ක්ලික් කර එය Install කර ගත හැක.
දැන් අපි ප්‍රයෝජනවත් tweaks බලමු

  1. Safari download manager (iOS 4 +) - මෙමෙගින් safari හරහා ඕනෑම දෙයක් download කර ගත හැක
  2. Chrome download manager - මෙමෙගින් Chrome හරහා ඕනෑම දෙයක් download කර ගත හැක
  3. Safari upload enabler - මෙමෙගින් safari හරහා ඕනෑම දෙයක් upload කර ගත හැක
  4. View Source For safari (iOS 5 +) - මෙමගින් Safari මගින් web site එකේ HTML code එක බලාගත හැක.
  5. Barrel - apps විවිදාකාර විදියට එහා මෙහා කල හැක
  6. installous - apps free ලබා ගත හැක
  7. Icon Renamer - apps rename කරගත හැක
  8. Update hider - store update hide කර ගත හැක
  9. Clockify - මෙමගින්  Clock app එකේ Iocn එකේ වෙලාව වැඩ කරයි.
  10. Zeppelin - පෙර post එකේ ඇත
  11. Graviboard-මෙමගින් Apps කඩා හැලෙනසේ සැකසිය හැක.
  12. Reveal- Notification එකක් ලැබුණු විට උඩින කුඩා Banner එකකින් පෙන්වයි.නමුත් සියලුම විස්තරේ කියවන්න බැ.
  13. Overflow හෝ Infinidock - මෙමගින් dock එකට කැමති icon ප්‍රමාණයක් දමා ගත හැක
  14. Panorama Wallpapers
  15. multiwall - මෙමගින් Pages සදහා වෙන වෙනම Wallpapers බාවිතා කරන්න පුළුවන්.
  16. Aero - Open කල Apps 3D ආකාරයට දැකගත හැක.
  17. Commandspot - මෙමගින් පළමු Page එකේ ඇති Seach Bar එකේ Command Word එකක් Type කල වැඩ කර ගත හැක.
  18. IconRotator - මෙමගින් Phone එක හරවන හරවන අතට Apps හැරවේ.
  19. CameraTweak
  20. Camtime - මෙමගින් Cammera App එකට Timer එකක් දාගත හැක.එවිට Photo එකක් ගැනීමේදී Time කර ගත හැක.
  21. Giffy - මෙමගින් Cammera roll එක සදහා GIFT Photos දැමු විට GIFT එක Run වී දැකගත හැක.
  22. Colorclock - මෙමගින් Clock එකේ පාට වෙනස් කල හැක.
  23. ClockSeconds - මෙමගින් Clock එකේ තප්පර ගණනත් පෙන්වීමට සැදිය හැක.
  24. Mail more photos - මෙමගින් ඕන Photos ගණනක් Select කර Email කරන්න පුළුවන්.
  25. SmartFolders - මෙමගින් email app එකට ගිය ගමන Inboxes යටතේ All Inboxes සහ Accounts ටික තැනට අපිට ඕන Folders ගණක දාන්න පුළුවන්.ඒ දාපු Folders වලට Emails අපිට ඕන ඒවා ටික ලබාගන්නත් පුළුවන් Auto.උදාහරණයක්‌ කියනවනම් Subjet එකට Hi කියලා තිබ්බොත් ඒවා එක Folder එකකට ගන්න පුළුවන්.Subjet එකේ විතරක් නෙමේ තව ඒවා තියනවා වැඩි විස්තර සදහා Video එක බලන්න.
  26. Mailkeybordhider - මෙමගින් Page එක ඉහල පහල කරන විට Keybord එක Hide වේ.Page එක මත Doble Click කල විට නැවත Keybord එක ලැබේ.
  27. Rich Text For Mail - මෙමගින් Email එකේ ඇති අකුරු වල Format එක වෙනස් කරන්න පුළුවන්.ඒ සදහා අවශ්‍ය වචනය හෝ වචන ටික Select කරලා ලැබෙන tool ඒකෙන (Copy , Paste එන එක ) Format කියන එක Click කරන්න.වචන වල Size , Font , Text Color , Highlight Color ආදියත් Bold , Italic ආදියත් කල හැක.
  28. Photomail - මෙමගින් Email එක Type කරන ගමන Photos Add කරගන්න ඕන වුනොත් Add කරගත හැක.Click කරගන ඉන්න විට ලැබෙන Tools ( Select , select all ආදිය ලැබෙන එක ) එකේ කොනේ + ලකුණක් දැකගත හැක එය Click කර Photos Add කල හැක
  29. iFile - මෙමගින් System file බලාගත හැක. ඒවා Edit කරගත හැක.
  30. AppSync for iOS ___+ - මෙය ඔබගේ ඇති iOS version එකට අදාල එක Install කර ගත යුතුය.මෙමගින් crack කරන ලද apps itunes හරහා sync කරගත හැක.මෙය ඉතා විශේෂ tweak එකකි
  31. iCleaner - මෙමගින් apps වල ඇති temporary files delete කල හැක.
  32. callerid-format fix iOS ___+ - මෙය ඔබගේ ඇති iOS version එකට ගැලපෙන එක Install කල යුතුය.මෙමගින් messages හෝ call එකක් ලැබීමේදී නම නොවැටීමේ දෝෂය නැතිවේ.( Cydia --> Sections --> Localization --> මෙතනින් ලබාගත හැක.)
  33. Activator - මෙමගින් phone එකට commad ලබාදෙන තැන වෙනස් කල හැක.
  34. iAP cracker - මෙමගින් download කර ඇති apps වල මුදල් ගෙවා ලබාගත යුතු ඒවා purch කල හැක.එවිට එය නොමිලේ ලබාගත හැක.
  35. Display Recorder - මෙමගින් Phone එකේ කරන දේවල් Recorde කල හැක.
  36. GPower Pro - මෙමගින් Phone එක reboot කරන්න , respring කරන්න Sleep Button එක Click කරන් හිටියහම Power Off එකත් එක්ක පහලින් ලැබේ.
  37. Springtomize - මෙය ඉතා වැදගත් Tweak එකකි.මෙමගින් හුගක් කාර්යන් කල හැකි බැවින්ය.Dock , LockScreen , Icon , Folders , Status Bar , Pages , Notification Center ආදී සියලු ඒවා වෙනස් කල හැක.
  38. YTopener - මෙමගින් Youtube Link එකක් Click කර විට Google සමාගමෙන් දෙන YouTube App එක Open කරවයි.

******මෙහි ඇති දේ අත්හදා බැලීමට පෙර youtubeහි ඒවායෙහි අදාල video බලන්න*******
******ගොඩාක් tweak install කර ඇති විට slow වෙනු ඇත**************************

---------------------------------------------------------------------------------------------------------------------------